පන්නිපිටිය උණුසුම් වෙයි.. පන්දම් දල්වා පැමිණි ජාතික ජන බලවේගයේ විරෝධයට පොලීසියෙන් බාධා… (PHOTOS)

Sri Lanka Police Sri Lanka SL Protest Sri Lanka Electricity Prices
By krishani Oct 23, 2023 05:57 PM GMT
Report

විදුලි බිල වහා පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ පා ගමන හා විරෝධතා පෙළපාළියට පොලීසියෙන් බාධා කිරීමත් සමඟ කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

උද්ඝෝෂණ පාඨ කියමින් පන්දම් ඇතැතිව විරෝධතාකරුවන් පන්නිපිටිය හන්දිය සිට මහරගම නගරයට පෙළපාලියක යාමට සූදානම් වීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුනා.

මෙහිදී පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමත් සමග මෙම තත්ත්වය හට ගැනුණු අතර මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කොළඹ දෙසට මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

මෙම අවස්ථාව පාලනය කිරීම සදහා ජල ප්‍රහාරක බවුසර කැලරි මර්ධන නිලධාරීන් කැඳවා තිබූ අතර ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් අධිකරණ නියෝගයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery