ලොව හොඳම ගුවන් සේවය නම් කරයි - ලොව පිරිසිදුම ගුවන් සේවයත් ප්‍රකාශ කරයි..
By krishani
කටාර් එයාර්වේස් ලොව හොඳම ගුවන් සේවාව ලෙස එක්සත් ජනපදයේ ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව පත්ව ඇත.
එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයයි. 1999 වසරේ සිට පැවැත්වෙන මෙම සමීක්ෂණයට අනුව කටාර් ගුවන් සේවය හත් වරක් එහි ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.
ලොව පිරිසිදුම ගුවන් සේවය ලෙස ජපානයේ ඒ එන් ඒ හෙවත් ඕල් නිපොන් ගුවන් සේවය එහිදී තේරී පත්ව තිබෙන අතර තුන්වන ස්ථානය දිනාගත් එමිරේට්ස් ගුවන් සේවය, හොඳම ව්‍යාපාරික පන්තියට හිමි ස්ථානයද හිමිකරගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |