අවලෝකිතේශ්වර බෝධිසත්ව මානසික සායනයකට..

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison Latest Headlines Decision Making
By krishani Jan 19, 2024 06:21 PM GMT
Report

බෞද්ධ දර්ශනයට අපහාස වන ලෙස කටයුතු කළැයි චෝදනා එල්ල වී ඇති අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අවලෝකිතේශ්වර බෝධිසත්ව මානසික සායනයකට.. | Avalokitheshwara Bodhisattva Mental Clinic

ඒ එළැඹෙන අඟහරුවාදා ය.

අදාළ සැකකරු බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස පසුගියදා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ය.

ඒ සිද්ධියේ නීති කෘත්‍යය පසුගිය 16 වැනි දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මේ වනවිට බන්ධනාගාර රෝහලේ මානසික රෝගී වාට්ටුවේ රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්..

විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්..


ඒ අනුව එළැඹෙන අඟහරුවාදා බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදීම සැකකරු මානසික සෞඛ්‍ය විද්‍යායනයේ වෛද්‍යවරු හමුවට යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)


මේ අතර, අද වන විට තර්ජනවලට ලක් ව ඇතැයි පවසමින් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) පැමිණිලිල්ලක් ඉදිරිපත් කළහ.

ඒ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිලි කිරීම නිසා ය.

Sponsored By Sarrita Jewellery

අවලෝකිතේශ්වර බෝධිසත්ව මානසික සායනයකට.. | Avalokitheshwara Bodhisattva Mental Clinic