අභිරහස් ලෙස මියගිය 10 හැවිරිදි දැරියගේ මරණ පරීක්ෂණය වාර්තාවෙන් අනාවරණය වූ දේ. - (VIDEO)
Sri Lanka Police
Crime
Murder
By Wayomi
තලෙයිමන්නාරම උතුර ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ වයස අවුරුදු 10 ක දැරියගේ මරණ පරීක්ෂණය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, ඇයගේ ඝාතනය ගෙල සිරකර ඝාතනය කිරීමෙන් සිදු කර ඇති බවත්, ඇය දූෂණයට ලක් කර ඇති බවට ලක්ෂණ ද ඇති බවත්ය.
මියගිය දැරියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී අද (17) සිදුකෙරුණේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනන් ඉදිරියේයි.
මේ අතර එම දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දෙනු ලැබුවා.
ඒ ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ අනුව, සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය, පොලීසියට අවසර ලබාදී තිබෙනවා.