ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහී යයි

Cricket Sri Lanka Australia Cricket Team Afghanistan Cricket Team
By Sewvandhi Nov 04, 2022 12:00 PM GMT
Report

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු Rashid Khan පන්දු 23කදී වේගවත් ලකුණු 48ක් රැස්කිරීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. Gulbadin Naib ලකුණු 39ක් රැස්කළ අතර Rahmanullah Gurbaz ලකුණු 30ක් රැස්කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now