ලෝකයම කතා වුණ විවාහ ගිවිස ගැනීම.. - වැලන්ටයින් දවසෙම නිල නිවසේ දී ම සියල්ලන් පුදුම කළ සිදුවීම.. (PHOTOS)

Prime minister Australia Wedding Latest Headlines
By krishani Feb 15, 2024 06:12 PM GMT
Report

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලෝකයම කතා වුණ විවාහ ගිවිස ගැනීම.. - වැලන්ටයින් දවසෙම නිල නිවසේ දී ම සියල්ලන් පුදුම කළ සිදුවීම.. (PHOTOS) | Australian Prime Minister Anthony Albanese

ඒ ඊයේ (14) ආදරවන්තයින්ගේ දිනයේ දී ය.

වාර්තා වන්නේ අගමැතිගේ නිල Canberra නිවසේ දී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි.

60 හැවිරිදි Albanese සහ 45 හැවිරිදි Haydon 2020දී Melbourne හි ව්‍යාපාරික රාත්‍රී භෝජන සංග්‍රහයක දී හමු වී තිබෙනවා.

ලෝකයම කතා වුණ විවාහ ගිවිස ගැනීම.. - වැලන්ටයින් දවසෙම නිල නිවසේ දී ම සියල්ලන් පුදුම කළ සිදුවීම.. (PHOTOS) | Australian Prime Minister Anthony Albanese

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අගමැති ධුරයේ සිටිය දී විවාහ ගිවිසගත් පළමු ඔස්ට්‍රේලියානු නායකයා ඔහු බවයි.

කෙසේ වෙතත්, Albanese සෙල්ෆි ඡායාරූපයක් සමඟින් සමාජ මාධ්‍යවල “She said yes.” ලෙස සටහනක් තබමින් ඔහුගේ ගිවිස ගැනීම නිවේදනය කර ඇත.