අද තරගයෙන් පසු ශ්‍රේණිගත කිරීම් වලින්, ඕස්ට්‍රේලියාවට හිමි වූ අලුත්ම තැන

Cricket T20 World Cup 2022 Australia Cricket Team
By Sewvandhi Oct 31, 2022 12:42 PM GMT
Report

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 42ක ජයක් හිමිවිය.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 2ක් හිමිකරගත් ඔස්ට්‍රේලියාව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

එහි පෙරමුණ හිමිකරගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

අද තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය වෙනුවෙන් Lorcan Tucker නොදැවී ලකුණු 71ක් රැස්කර ගැනීමට සමත්විය.

කෙසේ වෙතත් පන්දුවාර 18යි පන්දු 1කදී ලකුණු 137කට අයර්ලන්තයේ සියලු ක්‍රීඩකයන් දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්විය.

Pat Cummins, Glenn Maxwell, Mitchell Starc, Adam Zampa කඩුලු 2 බැගින් දවාගත්තේය. Marcus Stoinis එක් කඩුල්ලක් දවගැනීමට සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරගයේ වීරයා වූ නායක Aaron Finch ලකුණු 63ක් රැස්කළේය. 

 අයර්ලන්තය වෙනුවෙන් Barry McCarthy කඩුලු 3ක් දවාගත්තේය. Josh Little ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now