ඔස්ට්‍රේලියාව අවසන් සටනට - අද තරගයේ සිදු වූ දේ..

Cricket Indian Cricket Team South Africa National Cricket Team Australia Cricket Team
By Sewvandhi Nov 16, 2023 04:47 PM GMT
Report

අද (16) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී පැවැත්වුණි.

එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඒ අනුව ඔවුන් එළඹෙන ඉරිදා ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය.

නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත්විය.

දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළේය.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි. ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.