කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව

Cricket Australia Australia Cricket Team
By Sithumi Dec 20, 2022 05:57 PM GMT
Report

ඔස්ට්‍රේලියානු මද වේග පන්දු යවන ක්‍රීඩිකා Heather Graham විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වුණා.  

ඒ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී ඇය විසින් තරගයේ 12 වන පන්දුවාරයේ යොමුකරන ලද 5 වන සහ 6වන පන්දුවලදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන Vaidya සහ Yadav දැවී ගිය අතර අනතුරුව ඇය 19 වන පන්දුවාරයේදී යොමුකළ පළමු පන්දුවට Renuka Singh දවාගැනීමට සමත්වුණා.  

මෙම තරගය ලකුණු 54කින් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයගත් අතර ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය 4ට 0ක් ලෙස ජයගත්තා.