ගමක් එකතුවී පෙම් යුවලකට අමානුෂික ලෙස පහරදෙයි.. පෙම්වතා මරුට. පෙම්වතියට සිදුවූ දේ.(PHOTOS)
යාලි ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් පවුලේ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබෙනවා.
යාපනය - චුන්නාගම් ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ නිවසින් පිටව ගිය 54 හැවිරිදි පෙම්වතාව ගම්වාසීන්ගේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව මෙලෙස මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
සංගුවේලි ප්‍රදේශයේ මරියාදාස් ජයදාස් නමැති පුද්ගලයෙක් ඊයේ මිය ගියේය.
පසුගිය 05 වැනිදා තරුණියක් අතුරුදන් බවට ඥාතීන් විසින් සුංගුවේලි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
වැඩිදුර විමර්ශනයේදී 19 හැවිරිදි තරුණිය මරියදාස් ජයදාස් නමැති 55 හැවිරිදි පුද්ගලයෙකුට ප්‍රේම කර ඇති බවත්, ඔවුන් දෙදෙනාම නිවසින් පිටව ගොස් ඇති බවත් අනාවරණය විය.
යාලි ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් මෙම 54 හැවිදිරි පෙම්වතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.
මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම නඩුවේදී ඔවුන් දෙදෙනා විවාහ කර දෙන බවට ඥාතීන් පොරොන්දු වීම නිසා ඔවුන් දෙදෙනාම ඊයේ යළි ගමට පැමිණ ඇත.
එම අවස්ථාවේ යාලි ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් මෙම පෙම්වතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.
සුන්නාගම් පොලිසිය විසින් දරුණු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තෙලිප්පාව රෝහලට යවා ඇති අතර එහිදී එම පුද්ගලයා මිය ගියේය.
මෙම සිද්ධියේදී බරපතළ ප්‍රහාරයකට ලක්වූ යුවතිය මේ වනවිට තෙල්ලිප්ප රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, චුන්නාගම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.