ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකට සහ සිසුන්ට මැර ප්‍රහාරයක්. - ඇසින් දුටුවන් පැවසූ දේ මෙන්න.

Sri Lanka Police Ratnapura Sri Lanka Sri Lankan Schools
By Wayomi Nov 14, 2023 08:55 AM GMT
Report

අද (14) උදෑසන රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

ඒ, උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා රත්නපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර මේ වන විට ක්‍රීඩා උපදේශකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ඇසින් දුටුවන් පවසන්නේ, ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් යැයි කියා ගන්නා පිරිසක් විසින් පුහුණුවිම්වල නිරතව සිටි සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා සමග බහින්බස්විමක් ඇති කරගැනීමෙන් පසු අදාළ පහරදීම සිදුකළ බවයි.

කෙසේ වෙතත් රත්නපුර පොලිස්සිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.