සිසුන් 300ක් හිටපු උපකුලපති ගේ නිවස වටලයි.. ප්‍රහාරයකින් 05කට තුවාල..
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ දී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බවයි.
ඉන් අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර ඇති බවයි පැවසෙන්නේ.
පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
එමෙන්ම පහරදීමෙන් අතුල සේනාරත්නගේ බිරිඳ සහ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.
පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |