ATM කාඩ් වලින් මුදල් හුවමාරුවට ගැටලුවක් - ඉදිරියේදී වෙන්න යන දේ..
ATM
plastic
Toni john Pulle
Bank transfer
By Sewvandhi
බැංකු මගින් නිකුත් කරනු ලබන ණයපත් සහ හරපත්වල හිඟයක් මතුව තිබෙනවා.
එම කාඩ්පත් සඳහා යොදා ගන්නා මයික්‍රෝ චිප් ලොව පුරා හිඟවීම ඊට ප්‍රධානම හේතුව බවයි එම කාඩ්පත් මෙරටට ආනයනය කරනු ලබන ආයතනයක් වන ලේක්හවුස් ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ටෝනි ජෝන් පුල්ලේ සඳහන් කළේ.
එමෙන්ම, ඩොලර් හිගය ද ඒවා ආනයනය කිරීමට බලපෑම් එල්ල කර ඇති බව ඔහු කියා සිටියා.
මෙම තත්ත්වය මත අලුතින් සහ කල් ඉකුත් වීමෙන් අනතුරුව, බැංකු හරහා ණයපත් හා හරපත් ලබා ගැනීමේදී ගණුදෙනුකරුවන්ට බාධා මතුවී තිබෙනවා.
පසුගිය වසරේ තුන්වන කාර්තුව අවසානය වනවිට ණයපත් 2,071,348 ක් මෙරට තුල භාවිත කර ඇති අතර, එලෙස භාවිතයට ගෙන ඇති හරපත් සංඛ්‍යාව 17,696,356 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now |