වහාම කෝටි 500ක මුදලක් බැංකු ගිණුම් වලට දාන්න පියවර ගනී..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Parliament Shehan Semasinghe Sri Lanka Politician
By Aruna Aug 29, 2023 03:18 AM GMT
Report

අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, අස්වැසුම පළමු වාරිකය පවුල් ලක්ෂ 8ක් වෙත ලබාදීම සඳහා අවශ්‍ය මුදල ලෙස මෙම රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත බැර කරන බවයි.

කෙසේ වෙතත් නව ක්‍රමවේදයට අනුව ගිණුම් විශාල ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු එකවර සිදුකිරීමේදී බැංකුවල පවතින පරිගණක පද්ධතිවල යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ වුවහොත් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත වාරික මුදල් බැරවීමේ යම් ප්‍රමාදයක් සිදුවනු ඇති අතර, පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මාසයේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බව ද ඇතිවන ප්‍රමාදයන් ද එමඟින් අවම වනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.

පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන අතර, ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.