සඳුදා විශාල පිරිසකගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටෙයි..ඇමතිගෙන් දැනුම්දීමක්..

Parliament of Sri Lanka Shehan Semasinghe Sri Lanka Politician Sri Lanka Cabinet
By Aruna Aug 27, 2023 06:55 AM GMT
Report

දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් සඳුදා දින බැංකු වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව දැනුම්දී තිබේ.

එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව අඟහරුවාදා සිට බැංකු මඟින් ප්‍රතිලාභින්ට මුදල් ලබාගැනීමට හැකියාව පවතී. එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන අතර කිසිම සුදුසු පුද්ගලයෙක් මඟ නොහැරෙන සේ රජය කටයුතු කරනු ඇති බවයි.