අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද අධිකරණයේ දි සිදුවන දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 01, 2022 02:20 AM GMT
Report

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ දී ඝාතනය ලක් වු ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අද(01) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට සැකකරු ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු පෞද්ගලික ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් අනතුරුව භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව අද දිනයේ ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නනේ ය. 

ඒ අනුව සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join