අටලුගම දැරිය ඝාතනයට අදාළව විශේෂ ප්‍රකාශ තිහක්..

Child Abuse Atulugama Child Murder
By Sithumi May 29, 2022 03:55 PM GMT
Report

බණ්ඩාරගම - අටළුගමදී ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව තවත් පොලිස් කණ්ඩායම් 5ක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දැනටමත් සිද්ධියට අදාළව පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව ෆාතිමා අයීෂා අක්‍රම් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද සිට භාරදෙනු ලැබුවා.

ඒ අනුව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අටළුගම දැරිය පදිංචිව සිටි ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය පෙරේදා අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටින අතරතුරයි. ඊයේ පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණේ ඉන් අනතුරුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now