මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබූ පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්..!ඔබත් දැන්ම අයදුම් කරන්න..!

Ranjith Siyambalapitiya Shehan Semasinghe Sri Lanka Economic Crisis Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jan 19, 2024 08:09 AM GMT
Report

මුදල් අමාත්‍යංශය පවසන්නේ, අස්වැසුම වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස මුල් සතියේ සිදුකරන බවයි.වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව හෙළි කළේය.

මේ අතර, අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුමට සුදුසුකම් ලබා තබේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නුසුදුස්සන් බවට පත්වූ පවුල් සංඛ්‍යාව 5,000ක් බවය.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව අලුත්තෙන් ලක්ෂ 300,000ක පවුල් සංඛ්‍යාවක් අස්වැසුමට ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි, වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පවසන්නේ, මීළග වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බවයි.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්වී ඇති අතර තවත් පවුල 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇති බවය. ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබූ අතර හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග ඊයේ (18) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙම කරුණු අනාවරණය කෙරුණි.

Sponsored By Sarrita Jewellery

මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබූ පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්..!ඔබත් දැන්ම අයදුම් කරන්න..! | Aswesuma Welfare New Applications