අගෝස්තු අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම්වලට
Latest Headlines
Aswasuma
Sinhala news
Puwath.lk
By R.rishma
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව හෙට (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 999,502ක් සඳහා රුපියල් බිලියන 9.24කට අධික මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
එමෙන්ම, දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 212,955ක් සඳහා රුපියල් බිලියන 2.32කට ආසන්න මුදලක් ගෙවීමට නියමිත බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.