තව දවස් 08යි තියෙන්නෙ.. අස්වැසුමෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 22, 2024 11:37 PM GMT
Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජුලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.

තව දවස් 08යි තියෙන්නෙ.. අස්වැසුමෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS) | Aswasuma Sri Lanka

එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙනවා.

එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් එකවරම තහනම් කරලා.. ගත්ත දැඩි තීරණය මෙන්න..

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් එකවරම තහනම් කරලා.. ගත්ත දැඩි තීරණය මෙන්න..


ඒ මහතා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (22) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවර එළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක වලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස් කිරීම IWMS මෘදුකාංගය හරහා සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම සංගණන නිලධාරීන් පත්කර තිබෙන බව පැවසූ ඒ මහතා එම නිලධාරීන් අදාළ නිවෙස් වෙත ගොස් පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කොට ජංගම යෙදවුම හරහා සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයට ඇතුළත් කරන බවද සඳහන් කළේය.

එම සංගණන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංගණන අධීක්ෂණ නිලධාරියෙකු පත්කර තිබෙන බවද විජේරත්න මහතා පැවසීය.

එසේම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට, සංගණන නිලධාරියා විසින් තොරතුරු පද්ධති ගත කළ පසුව සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ තොරතුරු නිරීක්ෂණය කළ හැකිය.

එම සංගණනය අවසානයේ අදාළ පවුල්වල තොරතුරු තේරීම් කමිටු විසින් අධීක්ෂණය කරනු ලබයි.

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මේ විදිහට..

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.. ඒ මෙන්න මේ විදිහට..


තේරීම් කමිටු විසින් සංගණනය කළ පවුල් තොරතුරු අධීක්ෂණය කර තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කිරීම සඳහා අනුමැතිය ලබාදීම සිදු කෙරේ.

මෙලෙස තෝරා ගැනීමේ නිර්ණායක ගණනය කර දරිද්‍රතාවය ගණනය කිරීම සඳහා ලකුණු ලබාදීමක් සිදු කරන අතර එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය සහ පවුලේ ජන විකාශය යන මාන 06ක් ඔස්සේ විද්‍යාත්මක ක්‍රම වේදයකට සිදු කරනු ලබයි.

පසුව සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය පද්ධතිය විසින් සකස් කෙරේ.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ " අස්වැසුම " සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදු කරයි.

මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34 ක් පමණ ලැබී තිබූ අතර එයින් 1,854,000ක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීය.

ඒ සඳහා රජය විසින් ලබාදුන් මුදල රුපියල් බිලියන 58.5 කි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් නිවේදනය පහතින්,


GalleryGallery