පවුල් ලක්ෂ 15කට අස්වැසුම.. - මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර තිබෙනවා.
දැනටමත් පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් බැර කර ඇත.
ඒ අතර දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් අද (29) ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට සුදුසුකම් ලබා ඇති අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15 සඳහා ප්‍රතිලාභ ලබාදීමට රුපියල් බිලියන 15ක් පමණ වැය වන බවයි.
මේ අතර හෙට (30) දින අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකු විවෘත කිරිම සිදුකරනු ලබයි.
ඒ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ අනුව හෙට (30) පෝය දිනයේත් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර වන එම මුදල් ලබා ගැනීම සඳහා සියලු රාජ්‍ය බැංකු, ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙනු ඇත