අස්වැසුමෙන් දැනුම්දීමක්.

Sri Lanka
By krishani Jul 02, 2023 08:48 AM GMT
Report

අස්වැසුම සහන වැඩසටහනේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප්‍රතිලාභී ලැයිස්තුව ලබන අඟහරුවාදා නිකුත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා සඳහන් කළේ ය.

පවුල් සඳහා වන නාම ලේඛණය පමණක් මේ වන විට නිකුත් කර ඇති අතර අභියාචනා 560,211ක් ලැබී තිබෙනවා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය පැවසුවේ විරෝධතා 5,419ක් ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේවෙතත්, මෙතෙක් නිකුත් කර නොමැති දෙවන නාම ලේඛණය වන අස්වැසුම ප්‍රතිලාභි පුද්ගල ලැයිස්තුවට අයත් වන්නේ අබාධිත, වැඩිහිටි ප්‍රජාව සහ වකුගඩු රෝගීන් වේ.

එම ලැයිස්තුව අනිද්දා (04) නිකුත් කරනු ලබයි.