හෙටින් අවසන් වන අස්වැසුම

Sri Lanka Economic Crisis Sri Lanka Financial crisis
By Sithumi Jul 09, 2023 10:12 AM GMT
Report

හෙටින්(10) ආර්ථික අපහසුතාවලින් පසුවන පවුල් සඳහා ලබා දෙන “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමේ කාලය අවසන් වනවා.

වාර්තා වන පරිදි මේ වනවිට අභියාචනා සහ විරෝධතා ලක්ෂ 09ක් පමණ ලැබී තිබෙනවා.

 අදාළ ප්‍රතිලාභය ලබා දීම සඳහා දිවයිනම ආවරණය වන අයුරින් ජනතාව තෝරාගත් අතර බොහෝ පිරිස් චෝදනා කළේ ආර්ථික අපහසුතාවලින් පසුවන තමන්ගේ නම් එහි නොමැති බවයි.

ඒ අනුවයි අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා රජය විසින් හෙට දිනය දක්වා කාල සීමාවක් ලබා දී තිබුණේ.