"වැඩ කරන ඔයා අද කල්පනාකාරී විය යුතුයි.. හේතුව මේකයි.."- ඔයාගෙ ලග්නයට කොහොමද කියල බලලම අද දවස පටන් ගන්න.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 19, 2023 12:03 AM GMT
Report

මේෂ ?

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ලැබෙයි. ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ.එමෙන්ම ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

වෘෂභ ?

දියුණුවේ දොරගුලු විවර වෙයි.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ව්‍යාපාරවලින් දියුණු වේ. 

මිථුන ?

අද ඔබට එතරම් යහපත් නොවේ.හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය.

කටක ?

විවාහ අපේක්ෂකයන්ට ශුභයි.විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.

සිංහ ?

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.

කන්‍යා ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

තුලා ?

සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව තබා ගැනීමෙන් සතුටට පත් වේ. එමෙන්ම ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි.

වෘශ්චික ?

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ.ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇතිවේ.

ධනු ?

අද ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට හැකි වේ. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. 

මකර ?

අන් අයගේ සිත් දිනා ගනී.උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. ව්‍යාපාරවලින් දියුණු වේ. කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

කුම්භ ?

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. ජීවිතයේ දියුණුව අභිවෘද්ධීය පිණිස බලවත් උත්සාහයෙන් යුතුව කටයුතු කරයි.

මීන ?

අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ.නමුත්  ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.