අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සිදුකල පුද්ගලයෙකුට ලැබුණු දඬුවම

Sri Lanka Police Nuwara Eliya Sri Lanka
By Sithumi Nov 03, 2022 02:01 PM GMT
Report

අධිකරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකුට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරීයේ සිටි පොලිස් නිලධාරීයා අදාළ පුද්ගලයාට අධිකරණයේදී නිශ්ශබ්ද වන ලෙසට ත් අධිකරණ කටයුතු අවසන් නම්, අධිකරණයෙන් පිටව යන ලෙසටත් දැනුම් දී ඇති බවයි.

එහිදී එම පුද්ගලයා පොලිස් නිලධාරියාට බැණ වැදී පහරදීමක් සිදුකර ඇති බව, පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයේ සිටි සෙසු පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43 ක් වන නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now