මංගල ගමනේදී කොල්ලකරුවන්ට හසු වූ ලොරෙන්සෝ පුතා 4 නිදහස් කර ගැනීමට සහය අයදී.
මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් 'ලොරෙන්සෝ පුතා 4' ශ්‍රී ලංකා ට්‍රෝලර් යාත්‍රාව නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, බහරේනයේ ත්‍රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබෙනවා.
දික්ඕවිට ධීවර වරායෙන් රැකියාව සඳහා පසුගිය 12 වැනිදා මෙම 'ලොරෙන්සෝ පුතා 4' ධීවර ට්‍රෝලර් යාත්‍රාව ගමන් අරඹා තිබෙනවා.
පසුව ඊයේ(27) අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් මෙම යාත්‍රාව පැහැරගත් අතර, එහි කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙකු ද සිටි බවයි වාර්තා වන්නේ.
ලොරෙන්සෝ පුතා 4 අද (27) රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ලොරෙන්සෝ පුතා 4 නෞකාව පසුපස ලුහුබැඳ ඇති බවත් ඒ අවස්ථාවේදී ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවක් යැයි සිතා ඇති බවත් සඳහන්.
අනතුරුව එම නාඳුනන යාත්‍රාවෙන් ආයුද සන්නද්ධව දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ගොඩ වී ඇති බවත් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේ.
එමෙන්ම ලොරෙන්සෝ පුතා අඩි 50 ක් දිග යාත්‍රාවක් බවත් මෙම ගමන එම යාත්‍රාවේ මංගල ගමන බව ද ඔහු කියා සිටියා.