ලංකාවට ලබා දෙන ආධාර ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් නිවේදනයක්

By Sithumi Sep 27, 2022 12:12 PM GMT
Report

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා පවසයි. අද (27) ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය අමතමින් එහි සභාපති මසට්සුගු අසකාවා ඒ බව පැවසීය.

වසර 70ක් තුළ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණදී ඇති බරපතළම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටින බව ඒ සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සහ ජීවන තත්ත්වය සුරැකීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදුන්නේය.

"ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝ කාලීන හවුල්කරුවෙක්. අපි ඔවුන්ට උදව් කරනවා," මසට්සුගු අසකාවා පැවසුවේය. "IMF වැඩසටහන අවසන් වූ පසු, ශ්‍රී ලංකාව සඳහා වෙනත් සහන පැකේජ සඳහා එක්වීමට සලකා බලනවා," ඔහු තවදුරටත් පැවසීය.