පකිස්තාන ක්‍රිඩිකාවන් පරදවා ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට..
UPDATE:-
කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) සමත් විය.
ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින් ය.
ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගැනීමට සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දීමට ඔවුන් තීරණය කළේ ය.
ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළේය.
කෙසේ වෙතත්, ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබා තියුණු ජයක් වාර්තා කළේය.
-------------------------------------------------
තව ටිකයි අපේ කෙල්ලෝ ටිකට ෆයිනල් යන්න?. පිටියම රත් කළ චමරි.. මැච් එකේ නවතම තත්ත්වය මෙන්න.. (UPDATE)
මේ වන විට පාකිස්ථානය සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත් වේ.
එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ පන්දු 43කට මුහුණ දෙමින් ය.
------------------------------------------------
පාකිස්ථාන ක්‍රීඩිකාවන්ගෙන් අපේ අයට ලැබුණ අභියෝග ගත ඉලක්කය මෙන්න..
අද (26) ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්විණ.
ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
එහිදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් මුනීබා අලි ලකුණු ලකුණු 37ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 25ක් රැස් කළේ ය.
එමෙන්ම, නායිකා නීඩා ඩාර් පන්දු 17ක් තුළ ලකුණු 23ක් රැස්කරමින් පාකිස්ථාන ඉනිම ශක්තිමත් කළේ ය.
පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි කඩුලු 02ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 02ක් බිඳ දැමීමට සමත් විය.
ඒ, අනුව ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු 120ක් තුළ ලකුණු 141ක ඉලක්කයක් හිමිව තිබෙනවා.