ත්‍රෛනිකායික මහා නාහිමිවරු ජනපතිට යොමු කල ලිපියෙහි, අස්ගිරි මහ නාහිමියන්ගේ අත්සන ගැන නිවේදනයක්..!

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis President of Sri lanka
By Sewvandhi Apr 30, 2022 11:31 AM GMT
Report

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් පසුගිය 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියට අස්ගිරි මහ නාහිමියන් විසින් තම අත්සන තබා ඇත්තේ කැමැත්තෙන් ම බවට අස්ගිරි මහා විහාරය අවධාරණය කරනවා.

අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් සමාජයේ පැන නැගී ඇති මතවාදයක් පිළිබඳ මහනාහිමියන්ගේ පෞද්ගලික ලේකම් වන ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් විසිmන් පැහැදිළි කිරීමක් සිදුකරමිනුයි මේබව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් රාජ්‍ය බුද්ධි සේවාවට පැමිණිල්ලක් කර ඇතැයිද අස්ගිරි මහා විහාරය සදහන් කළා. මාධ්‍ය තුල සාකච්ඡාවන මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙක් අතිපූජ්‍ය මහ නාහිමියන්ගේ කාර්යාලයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද අදාල නිවේදනයේ සදහන්.

සත්‍ය අසත්‍යාවය නිසි පරිදි විමසීමකින් තොරව එවැනි කරුණු සමාජගත කිරීම බරපතල වරදක් බවයි අස්ගිරි මහ විහාරය පෙන්වා දෙන්නේ. වර්තමානයේ රටේ පැණනැගි ඇති සමාජ, ආර්ථීක හා දේශපාලන අර්බුදය වහා සහනය කිරීම සදහා අවශ්‍ය උපදේශ ලබාදෙමිනුයි පසුගියදා අදාළ ලිපිය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery