ක්‍රීඩිකාවන්ට අමතරව තවත් ක්‍රීඩකයෙකුත් අද ඔලිම්පික් වරම් ලබයි...කව්ද මේ අරුණ දර්ශන(VIDEO)
අරුණ දර්ශන මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් වරම් ලබා ගත් බවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තහවුරු කළා.
ඒ අනුව මේ වන විට ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ක්‍රීඩකයෙක් පැරිස් ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ තරුෂි කරුණාරත්න දිල්හානි ලේකම්ගේ සහ අද සුදුසුකම් ලැබූ අරුණ දර්ශන.
අරුණ දර්ශන පසුගියදා බහමාස් හි පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය ලබා ගනිමින් ධාවන පථයේ සිය සුවිශේෂී වේගය සහ දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ තත්පර 45.90 ක පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින්.
චීනයේ පැවැති 2 වැනි තීරය සහ මාර්ග ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමටද ඔහු සමත් වුණා. ඔහුට හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නගේ අඩිපාරේ යා හැකි බවට කවයේ බොහෝ දෙනා ඔහුට ඉඟි කළ අතර ඔහු 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 පිරිමි ඉසව්ව 46.16කින් ජයග්‍රහණය කර තිබෙනවා.
ඔහු දැක්වූ දස්කම් පහතින් නරඹන්න.

