කෘතිම රුධිරය අත්හදා බැලේ..!
එක්සත් රාජධානියේ කෘතිමව නිපදවනු ලැබූ රුධිරය අත්හදා අත්හදාබැලීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.ඔවුන් පෙන්වා දෙන පරිදි එරට පර්යේෂකයින් කණ්ඩායම් විසිනුයි මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ.
එරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම සුවිශේෂී පර්යේෂණය සිදුකරනු ලබයි. එහිදී රසායනාගාරයක් තුළදී වැඩිදියුණුකරන ලද රුධිරය මිනිස් සිරුරට එක්කළ බව පර්යේෂකයින් වැඩිදුරටත් පවසා සිටී.
මෙලෙස කෘතීමව නිපදවනු ලැබූ රුධිරය මිනිස් සිරුරට එක්කිරීම සිදුකර ඇත්තේ ලොව ප්‍රථමවරටය. පර්යේෂකයින් පවසන්නේ ඒ අනුව කෘතීමව නිපදවනු ලැබූ රුධිරය සුළු ප්‍රමාණයක් මිනිස් සිරුරට එකතු කර ඇති බවය.
එම කෘතීමව නිපදවනු ලැබූ රුධිරය මිනිස් සිරුර තුළ ක්‍රියාකරන ආකාරය පරීක්ෂණයේදී විමර්ශනය කරනු ලබයි.
මෙලෙස කෘතීමව රසායනාගාර තුළ රුධිරය නිෂ්පාදනය කිරීමේ අරමුණ දෛනික රුධිර පාරවිලයනය සිදුකරන පුද්ගලයින් ට හිඟයකින් තොරව රුධිරය සැපයීමය. එහිදී දුර්ලභ ඝනයේ කෘතීම රුධිරය නිෂ්පාදනය සඳහා මූලිකත්වය දීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |