කුලියට නිවසක් ගන්න ඇවිත් හිමිකාරියට තුවාල කර, කණකරත් අහිමි කළ එකම පවුලේ කට්ටිය..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 01, 2022 02:05 AM GMT
Report

තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් බිය ගන්වා තුවාල සිදුකර රන් භාණ්ඩ සොරා ගැනීමේ සිදුවීමකට සම්බන්ධ පිරිසක් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුලී නිවසක් ලබා ගැනීමේ අරමුණින් පැමිණ එහි හිමිකාරියට පිහියක් පෙන්වා බිය ගන්වා තුවාල සිදුකර මෙම මංකොල්ලය සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් අතර සැකකරුවන් තිදෙනකු හා සැකකාරියන් දෙදෙනෙකු සිටින අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් පේරාදෙණිය ,පිළිමතලාව සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඉන් සිවු දෙනකු එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන් මීට වසරකට පමණ පෙර මංකොල්ල කෑ නිවසේ කාන්තාවට අයත් හෝටලයක් කුලී පදනම මත ලබාගෙන සිට ද ඇත.

මොවුන් විසින් කොල්ලකන ලද භාණ්ඩවලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා ඇති අතර තවත් කොටසක් පේරාදණිය ප්‍රදේශයේ ආයතනයකට උකස්කර මුදල් ලබා ගෙන ඇති බව විමර්ශනවල දී හෙළි වූ බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join