අත්අඩංගුවට ගත් ශිරන්ති අල්ලස් කොමිසමට

Bribery Commission Sri Lanka Shiranthi Rajapaksa Latest Headlines Puwath.lk Arrest
By R.rishma Oct 07, 2026 05:22 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට අල්ලස් කොමිසම වෙත රැගෙන විත් තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) පෙරවරුවේ කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අල්ලස් කොමිසම සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගත් බවයි.

සිරිලිය සවිය අරමුදලට අදාළ ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට


ඥානසාර හිමියන් අදත් අධිකරණයට

ඥානසාර හිමියන් අදත් අධිකරණයට