මාධ්‍ය ආයතනයක කෝටියකට අධික වටිනාකමින් යුත් කැමරා උපකරණ සොරාගෙන..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 06, 2022 07:56 AM GMT
Report

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කැමරා උපකරණ සොරකම් කිරීමේ චෝදනාව මත 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අයත් දෑ ය.

පසුගිය සිකුරාදා (02) මාධ්‍ය ආයතනයේ සාමාජිකයින් කිසියම් විකාශන කටයුත්තක නිරතව සිටියදී කැමරා උපකරණ සොරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ සිදුකළ පැමිණිල්ලකට අනුව ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සේරම්පත්කොටුව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සොරාගත් උපකරණ සන්තකයේ තිබී ගල්කිස්ස පොලිස් ස්ථානයට භාර දී ඇති අතර සැකකරු අද(06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join