කෝටුවක් පෙන්වා බිය ගන්වා දරුවන් දෙදෙනෙකුට පුද්ගලයෙක් මත්පැන් පොවලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
කෝටුවක් පෙන්වා බිය ගන්වා බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට මත්පැන් පෙවූ බවට චෝදනා එල්ල වූ අයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
25 හැවිරිදි සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් කර ඇති අතර අවුරුදු 5 සහ 10 යන වයස්වල මෙම දරුවන් දෙදෙනා ඔයාමඩුව ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටිය දී සැකකරු කොටුවක් පෙන්වා බිය ගන්වා මත්පැන් පොවා ඇත්තේ.
පසුව ඒ පිළිබඳ දෙමාපියන් පොලිසිය දැනුවත් කර දරුවන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |