මව සහ සොහොයුරා මරා මුහුදේ පනින්නට ගිය උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට..

Tamil nadu India Crime World Murder
By Piyumika Jun 24, 2024 08:10 AM GMT
Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුවොට්ටියූර් නම් ප්‍රදේශයෙන් මව සහ සොයුරා ඝාතනය කළ 20 හැවිරිදි තරුණයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම්. පද්මා (45) සහ ඇයගේ බාල පුත්‍රයා වන 10 වැනි පන්තියේ ඉගෙනුම ලැබූ එම්. සංජය (14) නමැති සහෝදරයාය.

මල් වෙඩිල්ලක් කරපු හදියක්..

මල් වෙඩිල්ලක් කරපු හදියක්..

මෙම ඝාතනය සිදු කළ තරුණයා උපාධි අපේක්ෂකයෙක් වන අතර තමාට විභාගයෙන් ලකුණු අඩුවීම හේතුකරගෙන මව නිතර නිතර බැන වැදීම නිසා මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු සඳහන්කර ඇත්තේ.

මෙම තරුණයා සිය පුංචි අම්මාට යැවූ කෙටි පණිවිඩයක් තුළින් මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී..

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී..

ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ සැමියා ඕමානයේ දොඹකර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ අතර පද්මා සිය පුතුන් සමඟ තිරුවොට්ටියූර්හි තිරුනගර් පළමු වීදියේ නැවතී සිට තිබේ .

කෙසේ වෙතත් මෙම අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර මුහුදු වෙරළේ නිදාගෙන සිටියදී ඔහුව පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව ඇත .

පාසල් පෙමක් නිසා පෙම්වතාට පෙම්වතියගේ ඥාතීන් කල දේ..දෙමළ සිනමාවක සිදුවීමක් සැබෑවටම සිදුවෙලා..

පාසල් පෙමක් නිසා පෙම්වතාට පෙම්වතියගේ ඥාතීන් කල දේ..දෙමළ සිනමාවක සිදුවීමක් සැබෑවටම සිදුවෙලා..

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා පැවසුවේ තම පියා උපයන මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් මව නිතර පැවසූ බවත් පවුලේ වගකීම තමන්ට භාර ගැනීමට සිදුවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලෙන් සිටි බවයි.

එම හේතුව නිසාම ඔහුට අධ්‍යාපන කටයුතුද මගහැරුණු බවයි ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශකර සිටියේ. එම නිසා දැඩි ආතතියෙන් සිටි ඔහු මෙම අපරාධය සිදුකර තමන්ද සියදිවි නසාගැනීමේ තීරණයක සිටි බවයි සැකකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තෙ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%