සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ යුද හමුදා සෙබළෙක් කොටු වූ හැටි.

Sri Lanka Army Sri Lanka Police
By Wayomi Jan 22, 2024 04:15 AM GMT
Report

ඊයේ (21) දිනයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කහතුඩුව - උස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය සහ යුද හමුදා නිල ඇඳුම් කොටස් මෙන්ම එම ආයිත්තම්ද තිබී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 37 හැවිරිදි වියේ පසුවන සක්‍රිය සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළෙක්.

ඔහු පසුගිය වසරේ ජූනි මස 21 වනදා කොස්ගොඩ ප්‍රදේශයේදී විජිත මහේන්ද්‍රන් සිල්වා හෙවත් රන් මල්ලි ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර පසුගිය 18 වනදා බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සැළසුම් කර අත්අඩංගුවට පත්වූ සනත් නැමැත්තා සමඟ මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී යන අය සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇත.

ඒ, අනුව ඉදිරි විමර්ශන සඳහා සැකකරු කහතුඩුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.  


                                                                               Sponsored By Sarrita Jewellery

සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වූ යුද හමුදා සෙබළෙක් කොටු වූ හැටි. | Army Soldier Who Had Ties To Organized Crime Gangs


You may like this