කොළඹ කැළඹූ වෙඩික්කරු අල්ලයි

Sri Lanka Police Colombo Sri Lanka Crime
By Sewvandhi Oct 16, 2022 01:59 PM GMT
Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් "ආමි සම්පත්" යන අයගේ උපදෙස් මත පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත 9mm වර්ගයේ ගිනිඅවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක්, හොරයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිගෑම් 11ක් මෙන්ම අපරාධයන් සඳහා යොදාගත් යතුරුපැදියක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉකුත් ජූලි මස 11 වෙනි දින බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය ප්‍රදේශයේ දී සහ 12 වෙනි දින වෙරළබඩ පොලිස් වසමේ හින්නිහාමි මාවතේ දී මෙන්ම ඉකුත් සැප්තැම්බර් 28 වැනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත අලුත් පාලම අසලදී පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධයන් සඳහා වෙඩිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී තිබේ. සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now