දහස් ගණනක් මසුන්ගේ දිවි අහිමි කරමින් ලොව විශාලතම සිලින්ඩරාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා යයි - (VIDEO/ PHOTOS)

Accident Berlin Germany
By Sewvandhi Dec 18, 2022 09:57 AM GMT
Report

බර්ලින් හි – රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ‘ඇක්වා ඩොම්’  නම් සිලින්ඩාකාර මාළු ටැංකිය පුපුරා ගොස් තිබේ. මෙම මාළු ටැංකි පුපුරා යෑමෙන් එහි සිටි මසුන් විශාල ප්‍රමාණයක්  ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

"ඇක්වා ඩොම්" නම් මෙම මත්ස්‍ය ටැංකිය තුළ මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500ක පමණ සංඛ්‍යාවක් ජීවත්ව සිට ඇති බව සඳහන්. උසින් මීටර් 15.85ක් පමණ වූ මෙම ටැංකිය තුළ වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මත්ස්‍ය ටැංකිය පුපුරා යාමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, රැඩිසන් බ්ලු හෝටලයට ද සැළකිය යුතු හානියක් සිදුව ඇතැයි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

‘ඇක්වා ඩොම්’ මත්ස්‍ය ටැංකිය 2003 වසරේ විවෘත කෙරනු අතර, මෙය සලාකෙන්නේ ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය ලෙසයි. මෙය නිර්මාණය සඳහා යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ

BBC පුවත් සේවය වාර්තා කළ දර්ශන පහත වීඩියෝවෙන්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery