ජාතික පොලිස් කොමිසමේ සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් සහිත පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව සඳහන් කරයි.
අයදුම්පත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළකර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතු වේ.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 ජූලි 31 වැනිදා හෝ ඊට පෙර යොමු කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම් දෙයි.
අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ https://www.parliament.lk/ යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
අයදුම්පත් යොමු කිරීමේදී ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවද දැනුම් දී තිබේ.