ගෙවතු වගාවේ ලොකුම වදකාරයෝ දෙන්නව තුරන් කරන හැටි.

Agriculture Water And Action For Rural Development Sri Lanka Ministry of Agriculture
By Wayomi Jun 26, 2022 06:07 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගෙවතු වගාවේදී ලොකුම වදකාරයෝ දෙන්න තමයි පිටිමකුණයි, කූඩිත්තයි. ගොඩක් වෙලාවට ගහක හැදීගෙන ගෙඩියක, ඵලයක පිටිමකුණන්..කූඩිත්තන් පිරිලා.මොවුන් නිසා ඵලදාව අපතේ යනවා කියන්නේ ඔබේ මහන්සියයි ධනයයි දෙකම අපතේ යන එක. ඉතින් මේ කරදරකාරී සතුන්ගෙන් ඔබේ වගාවන් ආරක්ෂා කරගන්න මේ ස්වභාවික ප්‍රතිකර්මය කරලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

☘️ සුදු ළූණු 25 -30 g

☘️ භූමිතෙල් 3 ml

☘️ සබන් 3 - 5 g

☘️ ජලය1L 

සාදාගන්න ආකාරය

☘️ මුලින්ම සුදු ළූණු හොඳින් අඹරගන්න.

☘️ දැන් ඒ තලපය භූමිතෙල් එක්ක කලවම් කරලා වීදුරු හරි මැටි හරි භාජනයකට දාන්න. එහෙම දාලා පැය 24ක් විතර තියාගත යුතුයි.

☘️ පසුව වතුර ලීටරයට සබන් ටික දිය කරගන්න.

☘️ දැන් එමසබන් දියරය පැය 24ක් තියලා හදාගත්ත භූමිතෙල් මිශ්‍ර සුදු ළූණු තලපයට ටික ටික මිශ්‍ර කරන්න.

☘️ හොඳින් මිශ්‍රකරගන, පෙරාගත්ත මේ ද්‍රාවණය බෝග වගාවන් හොඳින් තෙමෙන්න ස්ප්‍රේ කරන්න. 

සැ.යු. - මල් හෝ ඵල තියන බෝගවලට නම් මෙම මිශ්‍රණය භූමිතෙල් නොදා හදාගෙන ස්ප්‍රේ කරන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


Gallery