"..අපිට නටන ඩබල කියලත් සමහරු කියනවා, එහෙම කියන්න හොද නෑ.. මිනිස්සු ඉස්සරහ.." - හැමෝම හොයන මේ නටන ඩබලගේ විඩියෝවකුත් මෙතනින්.. (VIDEO/PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi Oct 10, 2022 04:28 PM GMT
Report

‘ මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ පිණිමුතු සහ නිල්නෙතු විදියට රංගනයෙන් දායක වෙන ඒ නිවුන් සහෝදරියන් දෙදෙනා තමයි අනුෂ්කි සහ කනුෂ්කි කියන්නේ. මේ දිනවල ඉතාම ජනප්‍රිය දෙන්නෙක් වන අනුයි කනුයි නර්තනය අතින් ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබනවා.

ඉතින් වැඩි මහල් අක්කලා හතර දෙනෙකුගේ ආදරය සහ රැකවරණය යටතේ හැදෙන අනුයි කනුයි ගොඩක් හුරතල් චරිත දෙකක්. ඉතින් මේ දෙන්නා යූ ටියුබ් නාලිකාවක්ද කරගෙන යනවා. ගොඩක් වෙලාවට මේ දෙන්නා යූ ටියුබ් චැනල් එකට ඔවුන්ගේ නර්තනයන් එකතු කරනවා.

ඉතින් ඒ වගේම පසුගිය දා සුරංගනාවියන් වගේ හැඩ වෙලා උපන්දිනය සමරපු අනුෂ්කි කනුෂ්කි අපිට දැක ගන්න ලැබුණා. ඒ මේ දෙන්නගේ 22 වැනි උපන්දිනයයි.

” අපිට දෙවියො විසින් නර්තන හැකියාව ලබලා දුන්නා. ඉතින් ඒ නිසා අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අපිට ඉවෙන්ට්ස්, වෙඩින්ස් වලින් ආරාධනා එනවා. අපි යම් කිසි මුදලක් හම්බකරන්නේ අපේ දක්ෂතාවයෙන්. අපිට සමහරු කියනවා නැට්ටිච්චියෝ කියලා. ඒ වගේ කැත නම් අපි දෙන්නට කියනවා. එක දවසක් අපිට නටන ඩබල කිව්වා. අපි නර්තනය කරන හින්දා දන්න කට්ටිය එහෙම කිව්වට අපි නැටුම් කරන බව දන්නැති කට්ටිය හිතන්නේ අපේ හැසිරීමේ වරදක් කියලනේ.”

ඉතින් අනුෂ්කි කනුෂ්කි මේ විදියටයි ඔවුන්ට ලැබෙන නරක ප්‍රතිචාර ගැන කියලා තිබුණේ. ඉතින් දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න එක ඔවුන් කරන්නේ කියලයි අනුයි කනුයි තව දුරටත් කිව්වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery