සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර වන්දියක් ඉල්ලයි..!
රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කටයුතු කළ බවය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් තමන්ව ඇප මත මුදා හල බවත් පෙත්සම්කරු සඳහන් කරයි. පොලීසිය විසින් තමන්ව අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් සිදුවු මූලික අයිතීන් උල්ලංඝනයවීම වෙනුවෙන් ඔහු එම වන්දිය ඉල්ලා සිටී.
එහි වගඋත්තරකරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.චන්දන කුමාර, පොලිස්පතිවරයා, ඇත්ගාල පොලීසියේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංගනය වූ බවද පෙත්සම්කරු චෝදනා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |