සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර පැහැරගත්තාද..? ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශයක්..! පියා සංවේදී වීඩියෝවක් නිකුත් කරයි - ඇත්ත නැත්ත මෙන්න..(VIDEO)

Sri Lanka social media Anurudhdha Bandara GotaGoHome
By Sewvandhi Apr 02, 2022 09:06 AM GMT
Report

ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර පොලිස් අත්අඩංගුවේ පසුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දී තිබේ.

"අනුරුද්ධ බණ්ඩාර තමන් භාරයේ සිටින බවට මෝදර අපරාධ කොට්ඨාශය මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබෙනවා"

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පැවසීය. අනුරුද්ධ බණ්ඩාර පොලිස් අත්අඩංගුවේ පසුවන බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ද තහවුරු කළේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ ක්‍රියාකාරිකයා අද දින පසුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය දැනුම් දුන් බවයි. ගෝටා ගෝ හෝම් නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

“රාජ්‍යය කෙරෙහි අප්‍රසාදය ඇති කිරීම හෝ උද්දීපනය කිරීමට උත්සාහ කිරීම වරදක් වන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය, අපි මෙයට එරෙහිව සටන් කරන්නෙමු, ඔවුන්ට මෙවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැක. ”

පාර්ලිමේන්තු මන්ත්‍රී නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය. අනුරුද්ධ බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනය කළ අයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now