සුනිල් ගෙන් අනුරට අභියෝගයක්..සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වෙයි..(VIDEO)
Parliament of Sri Lanka
Anura Dissanayake
Sri Lanka Politician
Sunil Handunnetti
Janatha Vimukthi Peramuna
By Aruna
ශ්‍රී ලංකාවට විදේශ විනිමය නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත්, එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත්, ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද කියා සිටියා.
විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වනවා.
එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයක්.
මේ සමාජ මාධ්‍යයේ හුවමාරු වන තවත් වීඩියෝවක්.