සිඳීගිය වැවකින් මතු වූ දේ..

Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 18, 2023 04:30 PM GMT
Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව පොලිස් වසමේ කුමාරඑළිය ගම්මානයෙහි වැවෙහි ජලය සිදී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව තලාව පොලීසිය පවසනවා.

තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි කුමාරඑළිය ගම්මානයෙහි වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක ඇති අතර විශ්‍රාමික යුධ හමුදා සෙබලකු වන තම පියාට ඒ පිළිබඳ පවසා ඇති අතර පසුව ඔහු තලාව පොලිස් ස්ථානයට දන්වා තිබෙනවා.