වෛද්‍යවරියකට සිදුවූ අමානුෂික අද්දැකීම.. සමාජයයේම අවදානය යොමු විය යුතු පුවත..

Anuradhapura GMOA Sri Lanka Hospitals in Sri Lanka
By Sithumini Mar 11, 2025 04:52 PM GMT
Report


අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ සිදුවීමක් නිසා මේවන විට මුළු ලංකාවෙම අවදානය යොමුව තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ අනුරාදපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දැඩි ලිංගික අතවරයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එහිදි වෛද්‍යවරිය සිය රාජකාරි නිමවී සිය රැකියා ස්ථානයෙන් පිටව යමින් සිටියදි ඇය මෙම අමානුෂික සිදුවීමට මුහුණ දී තිබුණා.

එහිදි ඇයට තියුණු ආයුධයක් පෙන්වා ඇයව ඇගේ කාමරයටම කැදවාගෙන ගොස් අමානුෂික අයුරින් දෑත් බැද දෑස් වසා අමානුෂික දූශණයට ලක්කර තිබුණා.

මේ පිළිබදව මේ වන විට රටේම කතා බහටලක්ව ඇති අතර මෙම සිද්ධියෙන් මේ වන විට බොහෝ දෙනා කැලඹී තිබෙනවා.

විශේෂයෙන්ම මෙහිදි වැදගත් වන්නේ මෙවැනි සිද්දීන්වලට මුහුණ දෙන අයට දෙන දඩුවම් ප්‍රමාණවත්ද යන්නයි. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙම් මේ වන විට අනුරාදපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක්ද ආරම්භකර තිබුණේ ඇයට සිදුවූ දේට යුක්තිය ඉල්ලමින්.