අනුර දිසානායක රට භාර දෙන්න සූදානම් බව අගමැති කියයි..ජනපතිට පාර්ලිමේන්තුවේදී හූ කියයි..(VIDEO)
අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ .
කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ.අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීමයි."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණියා. ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි.
ජනපතිගේ පැමිණීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූණා.
එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියා.
එහි දර්ශන පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... Join now |