ට්‍රම්ප් ට වගේම අනුරත් ඝාතන උත්සහයක්? - ආරක්ෂාව තර කිරීමට ඉල්ලීමක්.?
මීලග ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමත් සමග ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකගේ ආරක්ෂාව තර කල යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
තම බලය වෙනුවෙන් දූෂිත දේශපාලඥයන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවද උන්වහන්සේපවසා ඇත.
එහිමියන් මේ බව සඳහන් කර ඇත්තේ, ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද එම පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමින්.
"අනුර දිසානායක මහතා ආරක්ෂා කළ යුතුයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බවට බොහෝ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා. ප්‍රසිද්ධියේ පෙනි නොසිට ඔහු ඔහුට දේශන පැවැත්වීමට හැකි හැකියාව සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. මෙම දූෂිත දේශපාලඥයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කිරීමට හැකි නිසා ඔහුව ආරක්ෂා කළ යුතුයි"