අනුර ජනපතිට හදිසියේම යැවූ ලිපිය..

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka Cabinet
By Sithumi Aug 11, 2022 06:35 PM GMT
Report

සර්වපාක්‍ෂික’ හෝ ‘බහු පාක්‍ෂික’ හෝ නාමකරණ යටතේ වත්මන් පාර්ලිමේන්තුව තුළින් පිහිටුවා ගනු ලබන ආණ්ඩුවකට දිගුකලක් රට පාලනය කිරීමට ජනවරමක් හෝ සදාචාරමය අයිතියක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා සර්වපාක්‍ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ දක්වා තිබෙනවා.

මේ රට ඇද වට්ටවා ඇති වර්තමාන අර්බුදයට ස්ථිරසාර හා දිගුකාලීන විසඳුම් ලබාදීමට සමත් නව පාලනයක් බිහිකර ගැනීම සඳහා කඩිනම් මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමකට අවස්ථාව ලබාදිය යුතු බවත් දැඩිව අවධාරණය කරන බවද එහි සඳහන්.